(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අද (29) සම්පූර්ණයෙන්ම නිමාවට පත් කෙරිණ.
ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා සකස් කරන ව්‍යවස්ථා කෙටුම්පතට එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින්ගේ අනුමැතියද පල වූ බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සකස් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරෙයි.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ප‍්‍රතිපත්ති කෙටුම්පත් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ප‍්‍රතිපත්ති කෙටුම්පත් කමිටුව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කෙරෙමින් පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් සහ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් පත් කර ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණු නායකත්ව මණ්ඩලයේ සභාපතිධූරය එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිවන්නේය.
සන්ධානයේ මහලේකම් නම් කිරීමේ බලයද ප‍්‍රධාන දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයටම හිමිවී ඇත.

