(නිමල කොඩිතුවක්කු)
ජනතා ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන ජාතික සභාවක් පිහිටුවීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
බහුජන සමිති, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන යනාදී සියල්ල එකතු කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ගොඩනඟන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාතික සභාවට එන ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති හමුවේදී ඔහු මේ බව පැවසීය.
ජනතාව එක්වී ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් දියත් කරමින් හිටපු අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් ගෙදර යැවීමට කටයුතු කළත් ඊට පසු ඇති වූ විකල්පය පෙර තත්ත්වයටත් වඩා බරපතළ බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
විපක්ෂයේ කාර්යභාරය ඉටුකරන අතරතුර රජයේ සාධනීය කටයුතුවලට පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය හරහා සහයෝගය ලබා දෙන බව නව ජනාධිපතිවරයා පත් වූ දාට පසු දින පැවති පක්ෂ නායක රැස්වීමේදී තමන් අවධාරණය කළ බවත් ඔහු සඳහන් කළේය.
සර්වපාක්ෂිකව රට ගොඩනැගීමේ ප්‍රයත්නය එය බවත් එසේ නොමැතිව සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන්නේ ඇමති අන් තට්ටු ලබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගනිමින් කරන රඟපෑම නොවන බවද විපක්ෂනායකවරයා පැවසීය.
225 ම එකයි යන්න නිවැරදි නොවන බවත් එය 134එකයි යන්න නිවැරැදි විය යුතු බවත් හෙතෙම කීවේය.
පැවතියේ ජනාධිපතිවරණයක් නොවන බැවින් ජනතා බලය ඉදිරියේ ආණ්ඩුව පරාජය වන බව ඒකාන්ත යැයිද විපක්ෂ නායකවරයා පැවසීය.
මහ පොළොවේ ජනමතය සහමුලින්ම විකෘති වී ඇතත් පාර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නොවන බව එම ප්‍රතිඵල වලින් පැහැදිලි වූ බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.