ජාතික ප්‍රශ්නයට විසඳුම් හොයන සර්ව පාක්ෂික සමුළුව අද


(අංජුල මහික වීරරත්න)

ජාතික සංහිඳියාව පිළිබඳ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් දැනුවත් කිරීමේ සර්ව සර්වපාක්ෂික සමුළුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (26) පස්වරු 5.30ට පැවැත්වේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වල නායකයින්ට මෙම සර්වපාක්ෂික සමුළුව සඳහා  ආරාධනා කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

මෙම සමුළුවට සහභාගී වන බවට පක්ෂ නායකයන් රැසක් මේ වන වනවිටත්  ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.