(මුදිතා දයානන්ද)
මහමැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය නාම යෝජනා බාරදීම 17, 18, 19 දිනවලදී සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (11) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
මේ වන විට ජාතික ජනබලවේගය ලෙස සියලු දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා සකස් කර අවසන්ව ඇති අතර ජාතික ජලබලවේගයේ ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතාගේ විසින් නාම යෝජනා පත්‍ර අත්සන් තැබීම 16 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදි සිදුකෙරෙන බවද හේරත් මහතා එහිදි පැවසීය.
නාම යෝජනා භාරදීමෙන් පසුව රට පුරා ප්‍රචාරක කටයුතු, ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් හා ජනහමු ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

