ජාතික ගමනාගමන කොමිෂන් පනතට කථානායක සහතිකය


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා  පාර්ලිමේන්තුවේදී සිය සහතිකය සටහන් කළේය.

ප්‍රවාහන ක්ෂේත්‍රයේ  හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතා බවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉකුත් මැයි 8 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සම්මත විය.