(නිමල කොඩිතුවක්කු)
ජාතික ජන ජනබලවේගයේ විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙළා දැක තිබේ.
ට්විටර් පණිවුඩයක් මඟින් විපක්ෂ නායකවරයා අදාල ප්‍රහාරයට සිය විරෝධය දක්වා ඇත.
"කිසිම නායකයෙක් හෝ පක්‍ෂයක් හැම විටම සහමුලින්ම නිවැරදි වී නැත. ප්‍රජාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඬවල් ඉවසා සිටිය යුත්තේ එබැවිනි.
අද ජාතික ජන බලවේගයේ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලද අතර බොහෝ දෙනකුට බරපතල තුවාල සිදුවිය.
මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලිය.ආණ්ඩුව කියන්නේ ජනතාවට නිශ්ශබ්දව පැත්තකට වී සිටින්න කියාය." යයි ද එහි තවදුරටත් තව දුරටත් සඳහන් වේ.

