(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජාතික ජන බලවේගයේ ප්රතිපත්ති පරස්පර විරෝධී බව පත් කළ මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශය සහ මැතිවරණ සමයේ කළ ප්රකාශ අතර බැලූ බැල්මට සමාන කමක් තිබෙනවා.නමුත් ඇත්තටම ගේන්න යන්නේ මේ ප්රතිපත්තිද අයි.එම් එෆ් සංවිධානය සමඟ එකඟ වූ ප්රතිපත්තිද කියන ප්රශ්නය අපට තිබෙනවා.මේ පරස්පර විරෝධී තත්ත්වය හමුවේ ප්රතිපත්ති ක්රියාත්මක කරන්නේ කෙසේද?
අයි.එම්.එෆ් සමග එකඟ වී තිබෙන්නේ මැතිවරණයේදී ඔබලා කියූ ප්රතිපත්තිය නොවේ.ලබන වසරේදී ඔබලා බිලියන පන්සියයක් සෙවිය යුතුයි. ඒවා හොයන්නේ කොහොමද?අසීමිත විදියට බදු වැඩි කරනවද?
එක වෙලාවක හාල් ගේන්නේ නෑ කියනවා. දැන් හාල් ගේන බව කියනවා.ඉදිරියේදී මහ කන්නයේ අස්වැන්නත් එනවා" යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.