(සුජිත් හේවාජුලිගේ )
ජල බිල්පත් ගෙවීම සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
සංචරණ සීමා පැනවීම නිසා පාරිභෝගිකයන්ට ජල බිල්පත් ගෙවීමට අපහසුතා පැන නැගී ඇති හෙයින් ඒ තත්වය සැලකිල්ලට ගෙන මෙම සහනය ලබාදෙන බවද ඇමැතිවරයා කීය.
"සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා.මාසයක් වගේ. ජල බිල්පත් කියවීමටත් අපහසුතා ඇති වී තිබෙනවා " යැයි නානායක්කාර මහතා වැඩිදුරටත් පැවසීය ..
කොරෝනා රෝගීන් ගේ ආශ්‍රිතයන්වී නිරෝධායනය වන පවුල් සඳහාද ජල බිල්පත වෙනුවෙන් සහනයක් ලබා දීමට ඇමතිවරයා මෙයට පෙර තීරණය කළේය.

