(ඉන්දිකා රාමනායක)
ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් දැරණියගල කුඹුරුගම ගබඩාවෙන් අතුරදන් වූ ජල මාපක 98ක් ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ව්‍යාපෘති කාර් කාර්යාල ගබඩාවේ තිබී ජල මාපක 477 ක් උපකරණ තොගයක් මාර්තු 30 වැනි දින කිසියම් පිරිසක් සොරා ගෙන ගොස් තිබිණි
ඒ අනුව එම ගබඩාවේ ප්‍රධාන ලිපිකරු රියදුරු ඇතුළු තිදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී ගබඩාවෙන් සොරාගත් ජල මාපක වලින් 98ක සභාපතිවරයා බාරය තිබේ සොයාගත් බව අජිත් රෝහණ මහතා කීය .
මෙම භාණ්ඩ පොදු දේපල බවත් පොදු දේපල දේපළ පනතේ ප්‍රතිපාදන අනුව සැකකාර සභාපතිවරයා අද (17) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

