(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවත් සමග මහනුවර පූර්ණවත්ත ප්‍රදේශයේ තිදරු මවක තම නිවෙස අසල ජල කාණුවකට වැටී ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය කියයි .
තම නිවස අසලින් ගලා යන ජල කාණුවේ සිරවී තිබූ පොලිතීන් කැබැල්ලක් ඉවත් කිරීමට යාමේදී එම කාන්තාව කාණුවට වැටී ගසාගෙන ගොස් ඇති අතර ඊට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි මහයියාව බිංගෙය අසල රැඳී තිබියදී ඇයගේ මළ සිරුර හමුව තිබේ .ඇය බේරා ගැනීමට උත්සාහ කළ ඇයගේ සැමියා ද ජල පහරේ ගසාගෙන යද්දී බටයක් එල්ලී දිවි බේරාගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහයියාව ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වූ 47 හැවිරිදි ෆාතිමා පියාසා නැමැති කාන්තාවකි. .

