ජල ගාස්තුවටත් සූත්‍රයක් එයි


(යොහාන් භාසුර)

ජල ගාස්තු සූත්‍රයක් සහ ජල ගාස්තු ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන බවත් ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩබ්ලිව්. එස්. සමරදිවාකර මහතා පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය ශක්‍යතාව පවත්වා ගනිමින් මීළග සංශෝධනයේදී ජල ගාස්තු යළි සමාලෝචනය කිරීමට පියවර ගන්නා බව කී ඒ මහතා ජල ගාස්තු සංශෝධනය ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ මූල්‍ය කටයුතුවලට විශාල පීඩනයක් එල්ල කර ඇති සාධක කිහිපයක් මත සිදුවූ බව ද සඳහන් කරයි.