(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තහනමට ලක් කරන ලද ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියා කාරී සාමාජිකයන් ලෙස සිටී ඉංජිනේරුවරයෙකු ඇතුලු පුද්ගලයන් තිදෙනෙකු අද (29) දෙහිවලදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයින් දෙදෙනා අතර විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන පුද්ගලයෙකු සහ කෝකියෙකු වන බව පොලිසිය කියයි.
මීට දින කිහිපයකට ඉහතදී මාවනැල්ල සහ නාවලපිටිය ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන ප්‍රශ්න කරන ජාතික තව්හිත් ජාමාත් සංවිධානයේ ප්‍රධාන සාමාජිකයන් දෙදෙනෙකු හෙළි කළ තොරතුරු අනුව මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මෙම පුද්ගලයන් දෙහිවල කවුඩාන - හීල් වීදිය හා ශ්‍රී මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

