ජපානයේ අනතුරකින් මෙරට තරුණයෝ දෙදෙනෙක් මරුට


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජපානයේ සිදුවු මාරක රිය අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ

මිතුරන් දෙදෙනකු වන මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනා ගමන් ගත් මෝටර් රථය සහ ජපන් ජාතිකයකු විසින් පදවාගෙන ආ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම මාරක අනතුර සිදුවී ඇති බව එරට පදිංචිව සිටින වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ පවන් කළුආරච්චි මහතා ලංකාදීපයට  පැවසීය.

මෙම මාරක අනතුරින් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි නිසල් චාරුක විදානගමගේ  සහ හලාවත ප්‍රදේශයේ පදිංචිව රජිත ලක්මාල් සඳරුවන් සිටි  යන තරුණයන් දෙදෙනා  බව ද කළුආරච්චි මහතා වැඩිදුරටත් පැවසිය

මෙම ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනාගේ දේහයන් මෙරටට එවීමට එරට සිටින ඔහුගේ ශ්‍රී ලාංකික මිතුරන් ආධාර මුදල් එකතු කරමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.