ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරය මොහාන් සමරනායකට


(තිලිණි ද සිල්වා)

ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කරනු ලැබ ඇත.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක හතරක අත්දැකීම් සහිත සමරනායක මහතා ජනමාධ්‍ය වෘත්තීයට පිවිසියේ “දවස පුවත්පතේ කර්තෘවරයෙකු ලෙසිනි.

ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සහකාර සංස්කාරකවරයෙකු ලෙසද සේවය කළ ඔහු පසුව වසර පහක කාලයක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරය හෙබවීය.

අනතුරුව සමරනායක මහතා කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රයේ ප්‍රධානියා ලෙස දිගු කාලයක් කටයුතු කළේය.ඉන්පසුව නැවතත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිධූරයට පත් කරනු ලැබීය.

සමරනායක මහතා ජනාධිපති ප්‍රකාශක තනතුරෙහි වරක් සේවය කරනු ලැබීය.

මොහාන් සමරනායක මහතා ඊයේ (25) සිට නව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයේ කටයුතු ආරම්භ කළේය.