ජනාධිපති අතිරේක ලේකම් නිශාන්ත මෝටර් රථ කොමසාරිස් ජනරාල් ධූරයට


 

(යොහාන් භාසුර)

නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස නිශාන්ත වීරසිංහ මහතා පත්කර ඇති අතර ඒ මහතා හෙට (4) නිලවශයෙන් වැඩ භාරගැනීමට නියමිතය.

නිශාන්ත වීරසිංහ මහතා මීට පෙර ජනාධිපති අතිරේක ලේකම් තනතුරේ කටයුතු කළේය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ සුමිත් අලහකෝන් මහතාට ස්ථාන මාරුකර තිබේ.