ජනහිතකාමී යතිවරයාණෝගේ සත් දින බණ අද


(ආරියරත්න රණබාහු)

කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපතිව  වැඩ විසූ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක අපවත් වී  වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ සත්දින මතක බණ පිංකම එම විහාරස්ථානයේදී අද(07)දා රාත්‍රී පැවැත්විණි.

එහිදී  ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ, සබරගමු රත්නපුර දෙ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති කරන්ගොඩ  පොත්ගුල් රජමහා විහාරය සහ පැල්මඩුල්ල දාගැබ්  රජ මහා විහාරය  යන  උභය විහාරාධිපති  ත්‍රිපිටකාචාර්ය  බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේලා විසිනි.

ගංගාරාමයේ විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන  මහතා විසින් දේශකයාණන් වහන්සේට දැහැත වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලදි.

පුරා පැය එක හමාරකට වැඩිකාලයක් ධර්ම දේශනාව පැවැත්වුණු අතර  දේශනාව අවසානයේ දේශකයන් වහන්සේට අටපිරිකර ඇතුළු පිරිකර පූජා කිරීම දායක සභාවේ සභාපති සහ ලේකම් ඇතුළු දායක දායිකාවෝ සිදුකළහ.

විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් හිමි ප්‍රධාන  විහාර වාසි භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් මෙම පිංකම  සංවිධානය කර තිබිණි .

(ඡායාරූප ශාන්ත රත්නායක)