ජනමාධ්‍යවේදීන්ට වටිටම් සහිත කාඩ්පතක්


(ඩයනා උදයංගනී)

ජනමාධ්‍යවේදීන් සඳහා වටිටම් සහිත කාඩ්පතක් ප්‍රදානය කිරිම ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දි ඊයේ (29) සිදුකෙරිණි.

කොළඹ ව්‍යාපාරික සංගමය මේ සඳහා අනුග්‍රහය දක්වන අතර දේශිය ව්‍යවසායකයින් ශක්තිමත් කිරිම මෙහි අරමුණ වී ඇත.

මෙම වට්ටම් කාඩ්පත මඟින් වෙළඳ ආයතන 200කට වැඩි ප්‍රමාණයකින් වට්ටම් ලබා ගත හැකි අතර දැනට මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින 7000ක පමණ දෙනාට මෙය ලබාදීමට නියමිතය.

එසේම මාධ්‍යවේදින් සඳහා පහසු ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමිය සංවර්ධන බැංකුව මඟින් ඇරඹීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත්.පී. විජේවිර, කොළඹ ව්‍යාපාරික සංගමයේ සභාපති ආරියසිල වික්‍රමනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - ළහිරු හර්ෂණ