ජනපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම හෙට - අනිද්දා


(රංජන් කස්තුරි)

දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය විමසීම හෙට (31) ආරම්භ කෙරේ.

රටපුරා සේවය කරන රාජ්‍ය සේවකයින්ට හෙට සහ අනිද්දා සිය සේවා ස්ථාන වලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

මෙවර සියලු තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වලට දැඩි ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අතර අක්‍රමිකතා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා මැතිවරණ කොමිසන් සභාව සෑම තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකටම විශේෂ නිලධාරියෙකු බැගින් පත්කරන බව එම කොමිසන් සභාව සඳහන් කරයි.

මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 659030 ක් සුදුසුකම් ලබාසිටින අතර මධ්‍යස්ථාන 1700 කදී ඡන්ද විමසීම සිදුකෙරේ.