(රෝෂන් තුෂාර)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපතිවරණයට පෙර ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් රහස් පොලිස් විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය පවසයි.
මෙම විමර්ශනය සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය පසුගිය සැප්තැම්බර් 02 වැනි දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත මහේස්ත්‍රාත් නිල මැදිරියේදී රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය.
සිද්ධියට අදාළව මහනුවර ප්‍රදේශයේ හිටපු පොලිස් නිලධාරියකු ලබාදුන් තොරතුරු ඔස්සේ ඉදිරි විමර්ශන කටයුතු කරන බවට කරුණු ඉදිරිපත් කර ඇති රහස් පොලිසිය එම පොලිස් නිලධාරියා රහස් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී ඇති බව සඳහන් කර ඇත .
ජනාධිපති අපේක්ෂකයකුට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරුක් අනුව විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ඒකක අංක හතර කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් දිසානායක මහත්මිය මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළාය .