ජනපතිවරණය නිරීක්ෂණයට විදේශීය කණ්ඩායම් හෙට සහ අනිද්දා ලංකාවට


(මහින්ද නිශ්ශංක)

ලබන 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරිම සඳහා 17 දෙනෙකුගෙන් සමන්විත විදේශීය නිරික්ෂක කණ්ඩායමක් හෙට (12) සහ අනිද්දා (13) මෙරටට පැමිණෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මැතිවරණ කොමිසන් සභාවේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන මෙම විදේශීය නිරික්ෂණ කණ්ඩායමට ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, මාලදිවයින, භූතානය, පිලිපිනය හා මියන්මාරය යන රටවල නිරික්ෂකයන් ඇතුළත් වේ.