(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් අතර හමුවක් හෙට (22) පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කැඳවා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම හමුවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී හා ඊට පෙර සිදුකළ යුතු දේවල් සහ සිදු නොකළ යුතු දේවල් පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සිදුකෙරෙනු ඇතැයි ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම ඡන්ද පත්‍රිකාව සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ දැනුවත් කිරීමටද නියමිතය.
මෙම හමුව සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන්, පක්ෂ ලේකම්වරුන්, නිත්‍ය නියෝජිතයන් සහ ඡන්ද නියෝජිතයන් ඇතුළු පිරිසකට ආරාධනා කර ඇති බවත් එම ප‍්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

