(ඩයනා උදයංගනී)
ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේ සිට උපවාසයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියන් කරන ඉල්ලීම්වලට වහා විසඳුම් ලබාදෙන්නැයි ඉල්ලමින් මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහ නා හිමිවරුන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබේ.
මේ සම්බන්ධයෙන් ඉක්මන් ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් රටේ මහජනතාව තුළ ඇතිවන නොසන්සුන්තාවන්හි පූර්ණ වගකීම රජයට භාරගැනීමට සිදුවනු ඇතැයි ද එම ලිපියෙහි දැක්වේ.
තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු පාර්ශවයේ මහ නා හිමියන්ගේ සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහ නා හිමියන්ගේ අත්සනින් යොමු කර ඇති එම ලිපිය පහත දැක්වේ.


