ජනපතිගේ ගමන් මග නිවැරදී


(සුජිත් හේවාජුලිගේ)

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ මූලික කරගෙන ජනාධිපතිවරයා යන ගමන නිවැරදි බවත් එය සාර්ථක කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි පරපුරට හොඳ කලදසාවක් අත්වනු ඇති බවත් සිතුල්පව්ව රජ මහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙසේ පැවසුවේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම විහාරස්ථානයේදී උන්වහන්සේ  බැහැදුටු අවස්ථාවේදීය.

කුමන හොඳ දේ කළත් ඒවාට අකුල් හෙළන විදේශ මුදල් මත යැපෙන පිරිසක් මේ රටේ ඉන්නවා. වස විසෙන් තොර ආහාර වේලක් ලබා දී නිරෝගිමත් ජාතියක් බිහි කිරීමේ වැඩපිළිවෙළ ශ්‍රේෂ්ඨ එකක්. එතුමා ඒ වැඩපිළිවෙළ ඇරඹුවේ පිරිසිදු චේතනාවෙන් . ඊටත් අකුල් හෙළන පිරිසක් මේ රටේ ඉන්නවා.

" රටේ දියුණුවට ඊර්ෂ්‍යා කරන සහ බලය ලබා ගැනීමට ඉවසීමක් නැති පිරිසක් මේ කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා'