(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය හමුවෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 16 වැනිදායින් පසුව ජනාධිපතිධූරයෙන් විශ්‍රාම යන බැවින් සිය කාර්ය මණ්ඩලය ජනාධිපති මන්දිරයේ දී හෙට හමුවී ඔවුන්ට ස්තුතිය පළකරන ඇතැයි වාර්තා වේ.
මේ අතර ජනාධිපති අරමුදල මගින් රෝහල්වලට උපකරණ බෙදාදීම,දරුවන් සුරකිමු වැඩසටහන යටතේ ජාතික ලොතරැයි මණ්ඩලය මගින් නව ලොතරැයියක් හඳුන්වාදීම ඇතුළු වැඩසටහන් රැසකට ද ජනාධිපතිවරයා හෙට දිනයේදී සහභාගි වනු ඇත.

