(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වශයෙන් පෙනී සිටිමින් , වරාය,තෙල් සංස්ථාව ඇතුලු රජයේ ප්‍රසිද්ධි ආයතනවල රැකියා ලබා දෙන බව පවසා පුද්ගයන් රැසකගෙන් මුදල් වංචා කළ වඩු කාර්මිකයකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (6) පෙරවරවේ දික්වැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
දික්වැල්ලේ පදිංචි සැකකරු රැකියා සදහා අයදුම්පත් වල මුලික ගෙවීම් බව පවසමින් රුපියල් 10,000,15,000 වශයෙන් මුදල් ගිණුමට බැරකරගෙන ඇති බවත්, මේ අයුරින් සැකකරු විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය පවසයි.
මංගල දැන්වීම්වල අනුව තවත් කාන්තාවන් රවටා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත.
සැකකරුට එරෙහිව පැමිණිලි රැසක් කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබී ඇති බවද පොලිසිය පවසයි.

