(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජය බලයට පැමිණියේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට බවත් එම ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සහගත ක්‍රියාවක් සිදුකිරීම තුළින් යහපාලන රජය බිඳ දැමීමට ජනාධිපතිවරයා කටයුතුකර ඇතිබවත් රනිල් වික්‍රමසිංහ මහතා විදේශතානාපතිවරුන් හමුවේ අද (27) පැවැසීය.
මෙම සාකච්ජාවට ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා සංගමයේ රටවල්, කැනඩාව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු අප්‍රිකාව සහ මහා බ්‍රිතාන්‍ය ඇතුළු තානාපතිවරු සහ මහකොමසාරිස්වරු විස්සකට අධික පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ශාන්ත රත්නායක