
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු ඉඩම් බැහැර කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මහවැලි අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී කොටගම මහතා සියලු මහවැලි කලාප නියෝජනය කරන නේවාසික ව්‍යාපාර කළමනාකරුවන්ට චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇත.
පොලොන්නරුව මහවැලි බී කලාපයේ ඉඩම් ලබාදීමේ දී සිදුව ඇති අක්‍රමිකතා සහ විෂයබාර අමාත්‍යවරයා මුල්වීමෙන් හිතවතුන්ට මහා පරිමාණයෙන් කන්න බදු ක්‍රමයට ඉඩම් ලබාදීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ලබාදුන් වාචික උපදෙස් අනුව මෙම තීරණය ගෙන ඇත.
මහවැලි බී කලාපයේ ඉඩම් අංශය මගින් කන්න බදු පදනම මත ඉඩම් ලබාදීම සඳහා විෂය බාර අමාත්‍යවරාය නියෝජනය කරන ප්‍රාදේශීය සභා පළාත් සහා මන්ත්‍රීවරුන් රැසකටත්, අපෙක්ෂකයන් කීප දෙනකුට මෙන්ම මහවැලි බී කලාපයෙන් පිටස්තරව මඩකළපුව ඇතුළු විවිධ ප්‍රදේශවල කීපදෙනකුට එම ඉඩම් බැහැර කිරීමේ ලේඛනයක් සකස් කර ඇතැයි කියති.
මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කරුණු දැන්වීමෙන් පසු මෙම තීරණය ගෙන ඇත.
මහවැනි බී කලාපයේ අක්කර භාගයේ එකම ඉඩම් කැබැල්ල තුළ පවුල් කීපයක් ජීවත්වන බවත් ඔවුනට ඉඩම් කැබැල්ලක් නොදෙන පසුබිමක අනු පවුල් ද ඉඩම් නැතිව සිටින වකවානුවක කන්න බදු ක්‍රමයට තම හිතවතුනට සහ දේශපාලන අධිකාරියටත් පිටස්තට අයටත් ඉඩම් ලබාදීම බලවත් අසාධාරණයක් බව මහවැනි බී කලාප ගොවින සංවිධාන නියෝජිතයෝ කියති. ජනපතිගේ මෙම තීරණයට ඔවුහු ප්‍රශංසාව පුද කරති.

