ජනපති තෝරන ඡන්දෙට පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් ඉන්න ඕන විදිය කියයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවෙන් අනුප්‍රාප්තික  ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා සැසිවාරය සහ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට(19)සහ අනිද්දා (20)පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් අනුගමනය කළ යුතු ක්‍රමවේද මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ අත්සනින් මෙම ක්‍රමවේද නිකුත් කර තිබේ.පාර්ලිමේන්තු මාධ්‍යවේදී හැඳුනුම්පත හිමි මාධ්‍යවේදීන් පමණක් මෙම දිනයන්හි පාර්ලිමේන්තුවට ඇතුළු කර ගන්නා බව ද එහි සඳහන් වෙි.

මේ අතර පාර්ලිමේන්තුව අවට මේ වනවිට දැඩි රැකවල් යොදා ආරක්ෂාව තහවුරු කර තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.