(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද?ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූහික ප්‍රතිපත්තියයි.මෙය අප එක රැයකින් කළ දෙයක් නොවේ. කාලයක් තිස්සේ ගොඩනගා ගත් ස්ථාවර ප්‍රතිපත්තියක් අප එලෙස ඉදිරිපත් කළා යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අරඹමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:-
මේ ඓතිහාසයක වරමක් නියෝජනය කරන පාර්ලිමේන්තුවක්. ජනතාව විසින් සම්ප්‍රදායික ප්‍රභූ දේශපාලන තන්ත්‍රය ප්‍රතික්ෂේප කර තිබෙනවා.අලුත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය ජනතාව අවධාරණය කර තිබෙනවා මේ පණිවිඩය අප හරියට තේරුම් ගත යුතුයි.
කාලයක් තිස්සේ අපේ රටේ ආණ්ඩුකරණය දැඩි පිරිහීමට ලක්ව තිබුණා.ඒ මගින් බලය අනිසි ලෙස පාවිච්චි වුණා. දූෂණය වැඩි වුණා.එවැනි දූෂිත දේශපාලන සංස්කෘතිය ජනතාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.සම්ප්‍රදායික දේශපාලන පක්ෂ නායකයන් ජනතාව විසින් පිළිකුලින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.එමෙන්ම අපේ රටේ ජනතාවක් මේ දේශපාලන ක්‍රමයෙන් ඉවත් වෙන්නට පටන් ගත්තා.
ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ දේශපාලන නොව බලය අවභාවිත කරන දේශපාලන සංස්කෘතියයි යනුවෙන්ද අගමැතිවරිය පැවසුවාය.