ජනපති කොඩිය සරමට ගත්ත හොරා ආරක්ෂක කැමරාවේ


කොටුව ජනාධිපති මන්දිරයට ඉකුත් නව වැනි දා ඇතුළුූ පිරිස අතර සිටි පුදගලයකු එම මන්දිරයේ සවිකර තිබූ ජනාපති නිල කොඩිය සොරගෙන යන අයුරු එහි ආරක්ෂක කැමරාවක සටහන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

කිසියම් පුද්ගලයකු මෙම කොඩිය සරමක් ලෙස හැඳගෙන යන අයුරු  එහි සී.සී.ටී.වී කැමරාවල පටිගත වී ඇතැයි ද එම දර්ශන අනුව විමර්ශන සිදු කරන බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම කොඩිය අමුත්තන් මුණගැසෙන ප්‍රධාන ශාලාවේ ජාතික කොඩිය සමග සවිකර තිබූ බව ද වාර්තා වෙයි. 

ඊට අමතරව ඇතැමි පිරිස් එහි තිබූ පෞරාණික භාණ්ඩ විශාල ප්‍රමාණයක් සොරගෙන ගොස් ඇති අතර ඒ අතර කොඩි ඡායාරූප, සමරු තිළිණ, විසිතුරු භාණ්ඩ, කොඩි කණු, ඓතිහාසික ඡායාරූප, ඇතුළු භාණ්ඩ රැසක් මේ අතර වන බව ද පොලිසිය පවසයි.