ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට සාගල පත්කරයි


(අංජුල මහික වීරරත්න)

ජනාධිපති  කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත් කරනු ලැබ තිබේ.

ඊට අමතරව  ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක තනතුරට ද සාගල රත්නායක මහතා පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත පත්කිරීම් සිදුකරනු ලැබ තිබෙි.

සාගල රත්නායක මහතා යහපාලන රජයේ නීතිය හා සාමය  අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.