ජනපති එයි


(ටී.කේ.ජී.කපිල ) 

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 2025 - ලෝක රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , එම සංචාරය නිමා කර අද (13 )  උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

එසේම ජනාධිපතිවරයා සමග එම රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට එරටට ගොස් සිටි ශ්‍රී ලංකා දූත පිරිස ද , ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 ඔවුන් අද  උදෑසන 08.25 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඉකුත් පසුගිය 10 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණි .