ජනාධිපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලමින් වෙන වෙනම කැබිනට් පත්‍රිකා දෙකක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
මෙම කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් විසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, නව ජනාධිපතිවරයා වැඩ බාරගත් පසු තම පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවා අවසන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩු වන නිසා එලෙස සිය පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවය අවසන් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදී ඇත. එම නිසා ඔවුන්ට විශ්‍රාම වැටුප් ලැබෙන පරිදි ස්ථිර කාර්යමණ්ඩලයට බඳවාගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇත.
සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලවල සේවා ස්ථිර කරන්නැයි අනෙක් කැබිනට් පත්‍රිකාවෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඉල්ලා තිබේ.
නියෝජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු සෑම අමාත්‍යවරයකුගේම කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට ආසන්න පිරිසක් සිටිති. එම කාර්යමණ්ඩලවල කළමනාකරණ සහායකයන් පස්දෙනකු සිටින අතර මාධ්‍ය ලේකම්වරයා ද ඇතුළු තවත් පස්දෙනෙක් ද සිටිති.
(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)
055

