ජනතාව ණයකාරයින් වෙද්දී ජනපතිගේ කටයුතුවලට ලක්ෂ 2000ක්


(නිමල කොඩිතුවක්කු)

රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ජන ජීවිත කඩා වැටී රටේ සම්පත් හිගතාවක් ඇති මොහොතක ජනාධිපතිවරයා වෙනුවෙන් මෙවන් සුවිශාල මුදලක් වෙන් කර තිබීම පිළිබඳ කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල වැඩසටහනේ 67 වැනි අදියර යටතේ රත්මල්ගහවැව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.