ජනක ඉවත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සභාවේ සඳහන් ස්වාධීන  කොමිෂන් සභා යටතට මහජන උපයෝගීතා කොමිසම ගැනෙන්නේ නැතැයි  සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මහජන උපයෝගීතා  කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීම පිළිබඳ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීය.

මහජන උපයෝගිතා පනත පිහිටුවා තියෙන්නේ වෙනම පනතක් යටතේ බවද මහජන උපයෝගීතා සේවාවන් හා නියාමන කොමිසමක් ලෙස මෙය පිහිටුවා තිබෙන බවද සභා නායකවරයා කීය.

පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් බහුතරයකින් සම්මත කිරීමෙන් මේ යෝජනාව ක්‍රියාත්මක කළ හැකිව තිබෙන බවද  ප්‍රේමජයන්ත මහතා කීය.