ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට


කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර ඇත.  

වැල්ලවත්ත මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය සහ ප්‍රථම උපාධිය ලබාගෙන ඇති අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටී.

හෙතෙම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යන ආයතනවල සභාපති ධුර ද හොබවා ඇත.

මේ අතර අනිල් මීගහගේ, පුබුදු විමලරත්න, අනිල් කොස්වත්ත සහ නිශාන්ත දයානන්ද යන මහත්වරුන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර ඇත. කේ.ඒ. විමලේන්දිරාජා මහතා භාණ්ඩාගාරයේ නියෝජිතයා ලෙස එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉදිරියටත් කටයුතු කරනු ඇත. 

055