(රංජන් කස්තුරි)
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන විශේෂ ලිපිය වලංගු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මෙවර පළමුවරට ඡන්දය ප්‍රකාශ කරන තරුණ ඡන්ද දායකයින් ඇතුළු පිරිසක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම්කර ඇතත්, හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත්වල හිඟයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමට නොහැකි වී තිබේ.
එහෙත් එම ඉල්ලුම්කරුවන්ට ඔවුන්ගේ තොරතුරු ඇතුළත් විශේෂ කඩදාසියක මුද්‍රිත ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නමින් ලියවිල්ලක් නිකුත් කර ඇති අතර එය ඡන්දය ප්‍රකාශ කිරීමේදී භාවිත කළ හැකිය.

