ඡන්ද නීති හදන මැතිසබා කමිටුව ලබන මාසයේ දින හතරක් රැස්වීමට තීරණ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන මාසයේ දින හතරක් රැස්වීමට තීරණය කළ බව එහි ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය.

එම දින හතරේ දීද දේශපාලන පක්ෂවල අදහස් විමසීමට එම කමිටුව බලාපොරොත්තු වේ.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසාන වාර්තාව පාර්ලිමේන්තුවට ලබන ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.