චීනයේ සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක් මෙරටට


(ටී.කේ.ජී.කපිල)

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද (06) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම එන්නත් එක් ගුවන් යානයක එන්නත් මාත්‍රා ලක්ෂ 10 බැගින් අසුරා තිබේ .

මෙම එන්නත් තොගය රැගත් පළමු ගුවන් යානය වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය අද (06) දින උදෑසන 09.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලගා වී තිබේ .

ඉන්අනතුරුව දෙවන ගුවන් යානය වන , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය ද චීනයේ බෙයිජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත අද (06) දින උදෑසන 09.30 ට පැමිණ තිබේ