(සුජිත් හේවාජුලිගේ )
සයිනොපාම් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ එන්නත් තොගය මේ මාසයේදී ලැබීමට නියමිතව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට කොවිඩ් එනම් තොගයක් ප්‍රදානය කිරීමට චීන රාජ්‍ය නායකයින් එකඟ වූ බව චීන තානාපති කාර්යාලය පවසයි.
මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,80000ක් මේ මස 25 වැනි දා මෙරටට ලැබෙන බව ජයසුමන මහතා කීය.
අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ජුනි මාසයේදී මෙරට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

