(ටී.කේ.ජී.කපිල)
චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඒ මහතා සමග දූත පිරිස වශයෙන් 16 දෙනෙක් ද පැමිණ සිටියහ .
මෙම පිරිස චීනයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.



