චීන වරාය නිවසකදී වෙඩි තැබීම: පැදිකරු අත්අඩංගුවට


(ගයාන් සූරිය ආරච්චි සහ පද්මසිරි ගාර්දියවසම්)

තිරිකුණාමලය චීන වරාය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා  ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි යතුරු පැදියේ පැදිකරු බව කියන පුද්ගලයෙකු ඊයේ (5) සවස කතරගම බස් නැවතුම්පොළ අසලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කතරගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

තිරිකුණාමලය, චීන වරාය, පහේ කණුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයකුට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබුණි.

එම වෙඩි තැබීමෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබූ බව පොලිසිය පවසයි.

මොරටුව පොලිස් විශේෂ කාර්ය බලකාය විශේෂ විමර්ශන අංශය iii නිලධාරීන් කණ්ඩායමක් විශේෂ විමර්ශනවල නිරතව සිටියදී ලද තොරතුරක් මත මෙම සැකකරු අත් අඩංගුවටගෙන ඇත. 

සැකකරු සන්තකයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උන්ඩ පහක්,  අන් අයකුට අයත් බැංකු කාඩ් පතක්, ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකථනයක් ද පොලිසිය භාරයට  ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති සමන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි  දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ වැටලීම් වලට සමගාමීව මොරටුව පොලිස් විශේෂ බලකාය කඳවුරට අයත් නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.