(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
චීන පොහොර නැවට මුදල් ගෙවීම පිළිබඳව කරන සමීක්ෂණයේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවකින් ඒ සම්බන්ධ සමීක්ෂණ කටයුතු අරඹා තිබෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා එහි ප්‍රගතිය පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් චීන අසූචි නැවකට මුදල් ගෙව්ව නමුත් පෝරත් බඩුත් නැතැයි මේ ගැන විගණන වාර්තාවක් තිබේ නම් හෙළි කරනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද අමරවීර මහතා මේ බව කීය.

