චීන නියෝජිතයෝ විපක්ෂ නායකවරයා හමුවෙති


මෙරට සංචාරයක් සඳහා පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩල සභික චෙන් මිනර් මහතා කොළඹ පිහිටි  විපක්ෂ නායක කාර්යාලයේ දී අද (18) විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, එම පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්,කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරු ඇතුළු චීන නියෝජිත පිරිසක් ද සහභාගී වූහ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)