චීන තානාපති-ධම්මික පෙරේරා අතර හමුවක්


(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික සහ වෙළඳ සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීමටත් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන යටතේ ක්‍රියාත්මක වන ව්‍යපෘති ප්‍රවර්ධනය කිරීමටත් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙනුත් අදහස් හුවමාරු කරගත් බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.