චීන එන්නත එන්නේ ශ්‍රී ලංකන් යානයකින්


චීනයේ ප‍්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත සිනොෆාම් එන්නත් මාත‍්‍රා ලක්ෂ 6 ක් ලබන බදාදා (31) මෙරටට ලැබීමට නියමිත බවත්, එන්නත් තොගය චීනයේ සිට මෙරටට රැගෙන එනු ඇත්තේ ශ්‍රී ලංකන්’ ගුවන් යානයකින් බවත් චීන තානාපති කාර්යාලය පවසයි.

මෙම එන්නත ලැබෙන්නේ චීන ශ්‍රී ලංකා මිතුදම් ශක්තිමත් කිරීමක් ලෙසය.

එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් මෙරටට ප්‍රදානය කරන බවත්, එයින් සියයට 1 ක්, මෙරට චීන වැසියන්ට ලබා දෙන ලෙසත් චීන රජය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

'සිනෝෆාම්' එන්නත නිපදවන්නේ, චීන රජයට අයත්, ජාතික බයෝටෙක් ඖෂධ සමාගමය.

ජාතික බයෝටෙක් ඖෂධ සමාගම පිහිටා ඇත්තේ චීනයේ බීජීං අගනුවරය. 'සිනෝෆාම්' යන නමින් හැඳින්වුවත්, මෙහි නිල නාමය වන්නේ BBIBP-CorV ය. 

(ඩේලිමිරර්)