චීන ඉංජිනේරුවෙකු ලක්ෂ තුනක දුම්වැටි සමඟ පෑලියගොඩින් අල්ලයි


(කේ බුද්ධික කුමාරසිරි )
 
පෑළියගොඩ ප්‍රදේශයේ වැඩ බිමක සේවයේ නිරත සේවකයින්ට දුම්වැටි අලෙවියේ නිරත වූ එම වැඩ බිමෙහිම සේවයේ නිරත චීන ජාතික ඉංජිනේරුවරයෙකු රුපියල් ලක්ෂ තුනකට ආසන්න වටිනාකමකින් යුත් තීරු බදු රහිත දුම්වැටි තොගයක් සමගින් අද (01) අලුයම අත්අඩංගුවට ගත් බව කොළඹ නාගරික සුරාබදු මධ්‍යස්ථානය පවසයි.


 
කොළඹ නාගරික සුරාබදු කාර්යාලයේ ප්‍රධාන සුරාබදු පරීක්ෂක චානක නානායක්කාර මහතා ලද තොරතුරක් මත සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් එම වැඩ බිම වෙත යවා සැකකරු සමගින් මෙම දුම්වැටි තොගය අත් අඩංගුවට ගෙන ඇත.
 
සැකකාර 58 හැවිරිදි චීන ජාතික ඉංජිනේරුවරයා බස්නාහිර පළාත් සහකාර සුරාබදු කොමසාරිස් ශාන්ත දේව සිල්වා මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.