චිත්‍රපටි සංස්ථාවේ කෝටි 48ක් වතුරෙ ගිහින්


(සුජිත් හේවාජුලිගේ)

චිත්‍රපට සංස්ථාව චිත්‍රපටි නිෂ්පාදනයට සහ සහ සිනමා ශාලා සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් සහ  වෙනත් හිඟ මුදල් වලින්  කෝටි හතළිස් හතකට වැඩි මුදලක් අය කරගෙන නැතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

සංස්ථාවේ කළමනාකාරිත්වය  ණය අය  කරගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවද එහි දැක්වේ.

චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමා ශාලා සඳහා ලබාදී ඇති( 2023 දෙසැම්බර් 31 දිනට) ණය මුදල්වලින් කෝටි නවයකට ආසන්න මුදලක්ද සිනමා ශාලාවලින් සංස්ථාවට ලැබිය යුතු හිඟ මුදල් රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක්ද  මෙසේ අය කරගෙන නැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.