( සුජිත්හේවා ජුලිගේ )
රජයේ චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව ( කෝප්) හමුවට ලබන සතියේදී කැඳවන බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
මේ අනුව රජයේ චිත්‍රපට සංස්ථාවේ ප්‍රධානීන් ද මේ මස 20 දා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් ලබන 23 වැනිදා කෝප් කමිටුවට හමුවට කැඳවනු ඇත.
එම ආයතනවල සිදුව ඇතැයි කියන දුෂණ හා අක්‍රමිකතා පිළිබඳ මෙම රැස්වීම්වලදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බවද කෝප් කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයහා පශු සම්පත් මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් කෝප් කමිටුව හමුවට පසුගිය දිනවලදී කැදවිණි.

