චමිත්‍රී රඹුක්වැල්ලට ඇප


(රෝෂන් තුෂාර)

සැක කටයුතු බැංකු ගිණුම් 16   රුපියල් කෝටි නමයකට අධික තැන්පතු පවත්වාගෙන ගියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප කොන්දේසි සපුරා ගත නොහැකිව රක්ෂිත බන්ධනාගාරගත වූ   හිටපු අමාත්‍ය කෙහෙළිය  රඹුක්වැල්ල   මහතාගේ දියණිය වන  චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල සැකකාරිය ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් අද කොළඹ මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මුදා හැරිණි.

 රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක්  ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් සැකකාරිය ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගතවිය.